30 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහබරාදූවේ වෙඩි තැබීමක් - දෙදෙනෙකුට තුවාල

හබරාදූවේ වෙඩි තැබීමක් – දෙදෙනෙකුට තුවාල

හබරාදූව පොලිස් වසමේ ඊයේ (28) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ හබරාදූව පොලිස් වසමේ දික්කුඹුර මාර්ගයේ හරුමල්ගොඩ ප්‍රදේශයේ දී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා ඇති බවයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩික්කරුවන් දෙදෙනා මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති අතර එක් පුද්ගලයෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයා අසළ තිබූ ත්‍රිරෝද රථයකට නැඟීමට උත්සාහ කිරීමේදී වෙඩික්කරුවන් නැවත ත්‍රිරෝද රථය දෙසට වෙඩි තබා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ත්‍රිරෝද රථයේ රියදුරු ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති අතර මෙලෙස තුවාල ලබා ඇත්තේ අවුරුදු 34 සහ 54 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලීසිය පැවසුවේ.

තුවාලකරුවන් දෙදෙනා මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.