26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅමෙරිකාවේ වෙඩි තැබීමක් - අයෙක් ජීවිතක්ෂයට

අමෙරිකාවේ වෙඩි තැබීමක් – අයෙක් ජීවිතක්ෂයට

ඇමරිකාවේ, නිව්යෝර්ක් ප්‍රාන්තයේ රොචෙස්ටර් ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝර්ක් හි රොචෙස්ටර් නගරයේ පිහිටි ‍මේපල්වූඩ් උද්‍යානයේදීයි මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ.

වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 20 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගෙන නැහැ.