27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසියානු කාන්තා කුසලානය ශ්‍රී ලංකාවට

ආසියානු කාන්තා කුසලානය ශ්‍රී ලංකාවට

2024 ආසියානු කුසලාන කාන්තා 20-20 තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (28) සමත් වුණා.

ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය කඩුලු 08කින් ජය ගනිමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානය ලංකාවට දිනා දුන්නා.

තරගය පැවැත්වුණේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ඉන්දීය ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 06ක් දැවී 165ක ලබාගත්තා.

ඉන් අනතුරුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 04ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 167ක් ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

චමරි අතපත්තු පන්දු 43 කදී ලකුණු 61ක් ලබා ගනිමින් ජයග්‍රහණයේ මාවත සකසා දුන් අතර තරගයේ වීරවරිය වූ හර්ෂිතා නොදැවී ලකුණු 69ක් රැස් කළා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයක් ජයග්‍රහණය කළේ ඉතිහාසයේ පළමු වරට වීම විශේෂත්වයක්.