30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔලිම්පික් සංවිධායකයින් සමාව ඉල්ලයි

ඔලිම්පික් සංවිධායකයින් සමාව ඉල්ලයි

පැරිස් ඔලිම්පික් උළෙලේදී සිදු වූ වැරැද්දක් සම්බන්ධයෙන් එහි සංවිධායකයින් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නෙඋ ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් ඔවුන් මෙලෙස සමාව ඉල්ලා ඇති බවයි.

ඒ අනුව පිරිමි පැසිපන්දු තරගාවලියේ දකුණු සුඩානය සහභාගි වූ තරගය ආරම්භයට පෙර දකුණු සුඩානයේ ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය වී තිබෙනවා.

කෙසේනමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාවත් සමඟ සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය නවත්වා යළි දකුණු සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය කර ඇති බවයි වාර්තා වන්නේ.