25.6 C
Colombo
Friday, November 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගාල්ලට පැය 18ක ජල කප්පාදුවක්

ගාල්ලට පැය 18ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (29) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනු ලබනවා.

ඒ අනුව අද (29) පෙරවරු 8 සිට හෙට (30) අලුයම 2 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.

හපුගල ජල ටැංකියේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල කප්පාදුව සිදුකරනු ලබන්නේ.

ඒ අනුව බොපේ, පෝද්දල, හපුගම, රත්ගම, බූස්ස ප්‍රදේශවලට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.