24.7 C
Colombo
Sunday, October 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ නායයාමක් - 11 දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ නායයාමක් – 11 දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ කයිමි සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාවත් සමඟ ඇති වූ නාය යෑමකින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කයිමි සුළි කුණාටුව හේතුවෙන් චීනයේ විවිධ ස්ථානවලට අධික වර්ෂාපතනයක් ඇද හැලෙමින් පවතින බවයි.

හුනාන් පළාතේ යුලින් ගම්මානය ආසන්නයේ කඳුකරයට ඊයේ අධික වර්ෂාවක් ඇද හැළුණා.

ඊයේ දිනයේ එම ස්ථානයේ සිරවී සිටි 200කට අධික පිරිසක් මුදාගෙන සහන කඳවුරු වෙත යවා ඇති අතර නිවාස තුළ සිරවී සිටි 18 දෙනෙකුගෙන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

සෙසු පිරිස බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.