25 C
Colombo
Friday, October 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිය වළක ගිලී පාසල් සිසුවෙක් නොඑන ගමන් යයි

දිය වළක ගිලී පාසල් සිසුවෙක් නොඑන ගමන් යයි

අවිස්සාවේල්ල ප්‍රදේශයේ දිය වළක ගිලීමෙන් 17 හැවිරිදි පාසල් සිසුවෙක් ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කහතුඩුව, පොල්ගස්ඕවිට, පාලගම පදිංචිව සිටි ජේ. ඒ. ඩී. සෙව්මිණ නම් සිසුවෙක් බවයි පොලීසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත් වූ සිසුවා ඇතුළු පිරිසක් ඊයේ නාච්චිමල ඇලේ, ගෝනවල ප්‍රදේශයේ දිය වළක දිය නෑමට ගොස් ඇති අතර එහිදීයි සිසුවා මෙම අවසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත්තේ.

මියගිය සිසුවාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර මූලික රෝහලේ තැන්පත් කර තිබෙනවා.