26.7 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුද්ගලයෙක් තැපැල් දුම්රියට බිලිවෙයි

පුද්ගලයෙක් තැපැල් දුම්රියට බිලිවෙයි

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය සැක පළ කරන්නේ මෙම පුද්ගලයා වයස අවුරුදු 45ක් පමණ අයෙකු බවටයි.

මෙම පුද්ගලයා අද (29) අලුයම් කාලයේදි හැටන් දුම්රිය ස්ථානය අසළදී මෙලෙස දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි වී නැහැ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලේ තැම්පත් කර තිබෙනවා.