ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් අද (29) අවසන් තීරණයකට එළැඹීමට නියමිතයි.
ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (29) පස්වරුවේ රැස්වෙනවා.
දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ අද (29) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් කොළඹ, විජේරාම ප්රදේශයේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ මෙම සාකච්ඡාව පැවැත්වීම නියමිත බවයි.