― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsරටේ අනාගතය තියෙන්නේ ජනතාවගේ අතේ - ෂෙහාන්

රටේ අනාගතය තියෙන්නේ ජනතාවගේ අතේ – ෂෙහාන්

මැතිවරණයේදී දේශපාලන කැමති අකමැත්තෙන් ඔබ්බට ගොස් රට ගැන සිතීමට මුල්තැන දිය යුතු බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

මාධ්‍ය හමුවකට වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ 2022 දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය යළිත් මේ රටේ ඇති නොවේවා යන්න ජනතාවගේ බලාපොරොත්තුව බවයි.

එබැවින් කිසිවකුට පුද්ගල මනාප මත මැතිවරණයකදී ඡන්දය දිය නොහැකි බවත් මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් විය යුත්තේ රට ගැනත් ජනතාව ගැනත් සිතන කෙනෙක් පමණක් බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

එමෙන්ම වත්මන් ජනාධිපතිවරයා ආර්ථික කඩා වැටීමෙන් රට ගොඩනැගුවේ රටේ ජනතාවගේ සහයෝගයෙන් බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එබැවින් රටේ අනාගතය දැන් රැඳී ඇත්තේ ජනතාව අතේ බවයි.

නැවත අගාධයට යනවාද නැතිනම් සංවර්ධිත රටක් ලෙස ඉදිරියට යනවාද යන්න ජනතාව තීරණයක් ගත යුතුව ඇති බවත් මැතිවරණයේදී අපි දේශපාලන කැමති අකමැත්තෙන් තොරව රට ගැන සිතීමට ප්‍රමුඛත්වය දිය යුතු බවත් රාජ්‍ය අනාත්‍යවරයා අවධාරණය කළේය.