අගෝස්තු මස සිට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සිසුන්ගේ දීමනාව ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව දැනට ඔවුන්ට දෙනු ලබන රුපියල් පන්දහසේ දීමනාව ලබන මස සිට රුපියල් අටදහසක් දක්වා වැඩි කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ.
සීමාවාසික පුහුණුව ලබන සහ මේ වනවිට දෙවැනි වසරේ සිටින සිසුන්ට වැඩි කළ දීමනාව අගෝස්තු මාසයේ සිට ලබා දෙන අතර නවක සිසුන් සඳහා සැප්තැම්බර් මාසයේ සිට එම දීමනාව ගෙවීමට සැලසුම් කර තිබෙනවා.