කේරළයේ, වයනාඩ් ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ කේරඛයට්ර බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් පැය හතරක් තුළ මෙලෙස පුද්ගලයින් 24 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මියගිය පිරිසට අමතරව විශාල පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බවට එරට බලධාරීන් සැක පළ කරනවා.
දැසි වර්ෂාව හමුවේ වුවද ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා එරට නියෝජිතයින් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.