ගුවන් ගමන් පාලකවරුන් 80 පමණ රට හැර ගොස් ඇති බව වාර්තා වනවා.
ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම පවසන්නේ වැටුප් ගැටලුව මත මෙලෙස ගුවන් ගමන් පාලකවරුන් 80 පමණ රට හැර ගොස් ඇති බවයි.
කෙසේනමුත් එම පුරප්පාඩු පිරවීම සඳහා ගුවන් ගමන් පාලකවරුන් අලුතින් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බවත් මේ වන විටත් 25 දෙනෙකුට වැඩි පිරිසක් බඳවාගෙන ඇති බවත්ය.
එලෙස බඳවා ගත් පිරිස පුහුණු කර මේ වනවිට රාජකාරි සඳහා අනුයුක්ත කර තිබෙනවා.