23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsජනාධිපතිවරයා බඩු බෙද බෙද යන්නේ නෑ - බන්දුල

ජනාධිපතිවරයා බඩු බෙද බෙද යන්නේ නෑ – බන්දුල

‌ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ රටේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී කිසිදු ආකාරයකින් තමා ප්‍රවර්ධනය කර නොගන්නා බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (30) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ භාණ්ඩ බෙදන වැඩසටහන් සඳහා එක් වුවද ජනාධිපතිවරයාගේ අතින් අදාළ බෙදාදීම් සිදුනොකළ බවයි.

රටේ සංවර්ධන වැඩසටහන්වලට වෙන් කර ඇති මුදල් ඒ ඒ කාර්යයන්වලට ලබා දීම සිදු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා කියා සිටියේ ‘එක්ව ජයගමු’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එහි අවසන් වැඩසටහන හෝමාගම පැවැත්වූ අතර එහිදී ජනාධිපති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත්ව ඇති රනිල් වික්‍රමසිංහ ප්‍රවර්ධනය නොවන ආකාරයට කටයුතු කළ බවත්ය.