― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක්

පොහොට්ටුවෙන් වෙනම අපේක්ෂකයෙක්

සැප්තැම්බරයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයා වෙනම අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ඊයේ (29) රැස් වූ අතර එහිදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඊයේ පස්වරුවේ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසට පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල සභිකයින් රැස් වුණා.

රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් කියා සිටියේ පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන් දැයි අද දිනයේදී තීරණය නොකළ බවයි.

කෙසේනමුත් පොහොට්ටුවට ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ඒකමතිකව තීරණය කෙරුණු බවයි මහලේකම්වරයා සඳහන් කළේ.

මෙම තීන්දුවත් සමඟ එළඹෙන ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ සහාය කිසිදු ලෙසකින් වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ හට හිමි නොවනු ඇති.