යළිත් බිත්තර ආනයනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
දේශීය වෙළදපලේ බිත්තර මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහායි මෙම තීරණය ගෙන ඇත්තේ.
එලැඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් වෙළෙඳපොලේ බිත්තර මිල ස්ථායීව පවත්වාගෙන යාම සඳහා බිත්තර ආනයනය කළ යුතු බවට වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යවරයා යෝජනා කර තිබුණා.
ඒ අනුව අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී තිබෙනවා.