― political ―

අරගලෙන් ඉල්ලූ වෙනස රනිල් කරලා පෙන්නුවා – සාගල

අරගලයෙන් ඉල්ලූ වෙනස රනිල් වික්‍රමසිංහ විසින් සිදු කර ඇති බවත් එතුමා රටට ආදරේ නායකයෙක් බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා. ඔහු මේ බව...
HomeHot News"රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක්"

“රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක්”

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාවය මත සම්මත කළත්, ඇතැමුන් පිටතට පැමිණ ජනතාව නොමඟ යවන අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් බවත් සාම්ප්‍රදායික පටු බෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ද ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

“මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වන බව කිව යුතුයි. වර්තමානය වන විට පැරැණි දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික ආකාරයටම තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම ඉතිහාසය තුළ අප රටේ කැරැලි කිහිපයක් මෙන්ම සිවිල් යුද්ධ ද ඇතිව තිබෙනවා. පැවති පසුගිය පාලනයට එරෙහිව ද සිවිල් අරගල තත්ත්වයක් ඇති වුණා. එම නිසා නැවත එවැනි තෙවැනි සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වීමට ජනතාව තම ඡන්දය භාවිත කරනවා ද? එසේ නොමැති නම් එවැනි තත්ත්වයක් සිවිල් සමාජය තුළ ඇති නොවීමට තම ඡන්දය භාවිත කරනවාද කියන ප්‍රශ්නය සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලාංකික මහජනතාව ඉදිරියේ තිබෙනවා.

සාම්ප්‍රදායානුකූලව තම දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත්, එසේ නොමැති නම් කුලවාදය මුල්කරගත් ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින කුලවාදී දේශපාලනය ක්‍රියාත්මක කළහොත්, ආගම මත කටයුතු කළහොත් තුන්වැනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතුව තිබෙනවා. ඒ බව මෙරට දේශපාලන පක්ෂ හොඳින් මතක තබා ගත යුතුයි. පසුගිය සමයේ රට බංකොලොත් වූ අවස්ථාවේ රට නැවත ගොඩනැඟීමේ වගකීම විපක්ෂය විසින් භාර ගත්තේ නැහැ. රටේ අනාගතය ගොඩනැඟීමේ වගකීම ඒ අවස්ථාවේදී භාරගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ තනි මන්ත්‍රීවරයා ලෙස එවකට පාර්ලිමේන්තුවේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා 2022 ජූලි මස 22 වැනිදා පාර්ලිමේන්තුවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වෙමින් රටේ අනාගතය ගොඩනඟන වගකීම භාර ගත්තා.

අනතුරුව වැටුණු රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දුන්නා. ආර්ථික පරිවර්තන පනත ඒ අතරින් විශේෂයි. එයින් බැහැරව කිසිම දේශපාලන පක්ෂයකට කටයුතු කළ නොහැකියි. 2027 වසර වන විට අපේ රට බංකොලොත් බව ප්‍රකාශ කර වසර 5ක් ගත වෙනවා. ආර්ථික පරිවර්තන පනතට අනුව 2027 වසර වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 5%ක තත්ත්වයක පැවතිය යුතුයි. මෙතෙක් රට පාලනය කළ පක්ෂවලට වගවීමක් නොතිබූ කාරණා සම්බන්ධයෙන් ආර්ථික පරිවර්තන පනත හරහා වගවීමක් ඇති කර තිබෙනවා. එබැවින් ඕනෑම පක්ෂයක් තම ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ මෙම පනතට අනුව බව පැවසිය යුතුයි. ඒ වගේම දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳාමත්, කර්මාන්ත ක්‍රමයත්, ආසියාව සහ ලෝකය සමඟ තරග කරන ක්‍රියාවලියත් ඇතුළත් වන පරිදි වේගවත් ආර්ථිකයක් ඇති කිරීම මෙම නව ආර්ථික පරිවර්තන පනතෙහි අරමුණ වී තිබෙනවා.

ඇතැම් දේශපාලන පක්ෂ තවදුරටත් සාම්ප්‍රදායිකව ජනතාව මුලා කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහිදී අයවැය කාර්යාලය පනත සහ ආර්ථික පර්වර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත වැනි වැදගත් පනත්වල තිබෙන ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් තම ප්‍රතිපත්ති මහජනතාවට ඉදිරිපත් කිරීමින් සිටිනවා. මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමට නොහැකි වන තත්ත්වයක් ඇති වීම බව මගේ අදහසයි. උදාහරණයක් විදිහට ආර්ථික පරිවර්තන පනතට, අයවැය කාර්යාලයේ පනතට සහ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම යන පනත්වලින් බැහැරව දේශපාලන භූමිකාවක් තිබෙන්නට බැහැ.

නමුත් නව ආර්ථික පරිවර්තන පනත වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 225ම එකඟ වුවත් ඔවුන් පිටතට පැමිණ වෙනත් කතා කීම කනගාටුවට කරුණක්. රට තිබෙන තත්ත්වය තේරුම් ගෙන එසේ කටයුතු නොකරන ලෙස මා සෑම පාර්ශ්වයකගෙන්ම ඉල්ලා සිටිනවා. තම ආගම්වාදී, කුලවාදී සහ දේශපාලන ප්‍රතිපත්ති පැත්තකින් තියා රට හදන ජාතික සැලැස්මකට එකඟ වන ලෙස ඉල්ලා සිටිනවා. තමන්ගේ ප්‍රතිපත්තිය කුමක් වුවත්, එය එසේ තබාගෙන රට ගොඩනැඟීමේ ප්‍රතිපත්තියට හානි නොකර රට ගොඩනැඟීමේ දීර්ඝ කාලීන වැඩසටහනකට එකඟතාවය පළ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ එනිසා බව ද කිව යුතුයි.

ඒ වගේම අප ජනතාවට නිරතුරුවම සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. දූෂණය සම්බන්ධව තවමත් ඇතැමුන් අසත්‍ය ප්‍රකාශ කරනවා. ඒ වෙනුවෙන් වත්මන් පාලනය කටයුතු නොකරන බවට ද චෝදනා නඟනවා. නමුත් දූෂණය පාලනය කිරීම සඳහා අධිකරණය මෙන්ම පොලිසිය ද තිබෙනවා. දූෂණය අවම කිරීමට එම කොටස ශක්තිමත් කර තිබෙනවා. එපමණක් නොව, ආසියාවේ බලසන්නම දූෂණ විරෝධී පනත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලාත්මක කර තිබෙනවා. තව ද අද ඇතැමුන් රට විකුණන බව කියමින් විවිධ චෝදනා නඟනවා. එදා හිල්ටන් හෝටලය හදන විට එය විකිණීමක් බව කියූ ඇතැමුන් අද හිල්ටන් හෝටලය ලාභ ලබන විට එය අපේ දෙයක් බව කියනවා. සැබවින්ම මේ අයට ආර්ථිකය ගැන දැනුමක් සහ දැක්මක් නැහැ. ඒ වගේම ප්‍රාථමික කම්හල් අපට හැමදාම අවශ්‍ය නැහැ. මේ වන විට කොරියාව වැනි රටවල් ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් ඉදිරියට ඇවිත් නෞකා, ගුවන් යානා නිෂ්පාදනය කරන තැනට වර්ධනය වී සිටිනවා. මෙම නව තත්ත්වයන් අප හඳුනාගත යුතුයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී සාම්ප්‍රදායනුකූල දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත් රට තුළ යළිත් සිවිල් යුද්ධයක් ඇති වීමේ අවධානමක් ඇති බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් එහි වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

නව ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තු සභිකයන් 225ම එකඟතාවය මත සම්මත කළත්, ඇතැමුන් පිටතට පැමිණ ජනතාව නොමඟ යවන අදහස් ඉදිරිපත් කිරීම කනගාටුවට කරුණක් බවත් සාම්ප්‍රදායික පටු බෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙස ද ඉල්ලා සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.

මෙරට 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම වෙනුවෙන් එළැඹෙන සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය තීරණාත්මක මැතිවරණයක් වන බව කිව යුතුයි. වර්තමානය වන විට පැරැණි දේශපාලන පක්ෂවලට සාම්ප්‍රදායික ආකාරයටම තම දේශපාලන ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමට නොහැකි වී තිබෙනවා. ඒ වගේම ඉතිහාසය තුළ අප රටේ කැරැලි කිහිපයක් මෙන්ම සිවිල් යුද්ධ ද ඇතිව තිබෙනවා. පැවති පසුගිය පාලනයට එරෙහිව ද සිවිල් අරගල තත්ත්වයක් ඇති වුණා. එම නිසා නැවත එවැනි තෙවැනි සිවිල් යුද්ධයක් වැනි තත්ත්වයක් ඇති වීමට ජනතාව තම ඡන්දය භාවිත කරනවා ද? එසේ නොමැති නම් එවැනි තත්ත්වයක් සිවිල් සමාජය තුළ ඇති නොවීමට තම ඡන්දය භාවිත කරනවාද කියන ප්‍රශ්නය සැප්තැම්බර් 21 වැනිදා ශ්‍රී ලාංකික මහජනතාව ඉදිරියේ තිබෙනවා.

සාම්ප්‍රදායානුකූලව තම දේශපාලන මතවාදයන්ට අනුව කටයුතු කළහොත්, එසේ නොමැති නම් කුලවාදය මුල්කරගත් ශ්‍රී ලාංකික සමාජය තුළ පවතින කුලවාදී දේශපාලනය ක්‍රියාත්මක කළහොත්, ආගම මත කටයුතු කළහොත් තුන්වැනි සිවිල් යුද්ධයක් ඇතිවීමේ වගකීම අදාළ පාර්ශ්ව විසින් භාරගත යුතුව තිබෙනවා. ඒ බව මෙරට දේශපාලන පක්ෂ හොඳින් මතක තබා ගත යුතුයි. පසුගිය සමයේ රට බංකොලොත් වූ අවස්ථාවේ රට නැවත ගොඩනැඟීමේ වගකීම විපක්ෂය විසින් භාර ගත්තේ නැහැ. රටේ අනාගතය ගොඩනැඟීමේ වගකීම ඒ අවස්ථාවේදී භාරගනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂයේ තනි මන්ත්‍රීවරයා ලෙස එවකට පාර්ලිමේන්තුවේ සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමායි. එතුමා 2022 ජූලි මස 22 වැනිදා පාර්ලිමේන්තුවේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත් වෙමින් රටේ අනාගතය ගොඩනඟන වගකීම භාර ගත්තා.

අනතුරුව වැටුණු රට යළි ගොඩනැඟීම වෙනුවෙන් ප්‍රතිසංස්කරණ ගණනාවක් හඳුන්වා දුන්නා. ආර්ථික පරිවර්තන පනත ඒ අතරින් විශේෂයි. එයින් බැහැරව කිසිම දේශපාලන පක්ෂයකට කටයුතු කළ නොහැකියි. 2027 වසර වන විට අපේ රට බංකොලොත් බව ප්‍රකාශ කර වසර 5ක් ගත වෙනවා. ආර්ථික පරිවර්තන පනතට අනුව 2027 වසර වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 5%ක තත්ත්වයක පැවතිය යුතුයි. මෙතෙක් රට පාලනය කළ පක්ෂවලට වගවීමක් නොතිබූ කාරණා සම්බන්ධයෙන් ආර්ථික පරිවර්තන පනත හරහා වගවීමක් ඇති කර තිබෙනවා. එබැවින් ඕනෑම පක්ෂයක් තම ප්‍රතිපත්ති ඉදිරිපත් කළ යුතුව තිබෙන්නේ මෙම පනතට අනුව බව පැවසිය යුතුයි. ඒ වගේම දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳාමත්, කර්මාන්ත ක්‍රමයත්, ආසියාව සහ ලෝකය සමඟ තරග කරන ක්‍රියාවලියත් ඇතුළත් වන පරිදි වේගවත් ආර්ථිකයක් ඇති කිරීම මෙම නව ආර්ථික පරිවර්තන පනතෙහි අරමුණ වී තිබෙනවා.

ඇතැම් දේශපාලන පක්ෂ තවදුරටත් සාම්ප්‍රදායිකව ජනතාව මුලා කිරීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් සිටිනවා. එහිදී අයවැය කාර්යාලය පනත සහ ආර්ථික පර්වර්තන පනත, රාජ්‍ය ණය කළමනාකරණ පනත වැනි වැදගත් පනත්වල තිබෙන ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් තම ප්‍රතිපත්ති මහජනතාවට ඉදිරිපත් කිරීමින් සිටිනවා. මෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාව නැවත ගොඩනැඟීමට නොහැකි වන තත්ත්වයක් ඇති වීම බව මගේ අදහසයි. උදාහරණයක් විදිහට ආර්ථික පරිවර්තන පනතට, අයවැය කාර්යාලයේ පනතට සහ රාජ්‍ය ණය කළමනාකරණය කිරීම යන පනත්වලින් බැහැරව දේශපාලන භූමිකාවක් තිබෙන්නට බැහැ.

නමුත් නව ආර්ථික පරිවර්තන පනත වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 225ම එකඟ වුවත් ඔවුන් පිටතට පැමිණ වෙනත් කතා කීම කනගාටුවට කරුණක්. රට තිබෙන තත්ත්වය තේරුම් ගෙන එසේ කටයුතු නොකරන ලෙස මා සෑම පාර්ශ්වයකගෙන්ම ඉල්ලා සිටිනවා. තම ආගම්වාදී, කුලවාදී සහ දේශපාලන ප්‍රතිපත්ති පැත්තකින් තියා රට හදන ජාතික සැලැස්මකට එකඟ වන ලෙස ඉල්ලා සිටිනවා. තමන්ගේ ප්‍රතිපත්තිය කුමක් වුවත්, එය එසේ තබාගෙන රට ගොඩනැඟීමේ ප්‍රතිපත්තියට හානි නොකර රට ගොඩනැඟීමේ දීර්ඝ කාලීන වැඩසටහනකට එකඟතාවය පළ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින්නේ එනිසා බව ද කිව යුතුයි.

ඒ වගේම අප ජනතාවට නිරතුරුවම සත්‍ය ප්‍රකාශ කළ යුතුයි. දූෂණය සම්බන්ධව තවමත් ඇතැමුන් අසත්‍ය ප්‍රකාශ කරනවා. ඒ වෙනුවෙන් වත්මන් පාලනය කටයුතු නොකරන බවට ද චෝදනා නඟනවා. නමුත් දූෂණය පාලනය කිරීම සඳහා අධිකරණය මෙන්ම පොලිසිය ද තිබෙනවා. දූෂණය අවම කිරීමට එම කොටස ශක්තිමත් කර තිබෙනවා. එපමණක් නොව, ආසියාවේ බලසන්නම දූෂණ විරෝධී පනත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බලාත්මක කර තිබෙනවා. තව ද අද ඇතැමුන් රට විකුණන බව කියමින් විවිධ චෝදනා නඟනවා. එදා හිල්ටන් හෝටලය හදන විට එය විකිණීමක් බව කියූ ඇතැමුන් අද හිල්ටන් හෝටලය ලාභ ලබන විට එය අපේ දෙයක් බව කියනවා. සැබවින්ම මේ අයට ආර්ථිකය ගැන දැනුමක් සහ දැක්මක් නැහැ. ඒ වගේම ප්‍රාථමික කම්හල් අපට හැමදාම අවශ්‍ය නැහැ. මේ වන විට කොරියාව වැනි රටවල් ඇඟලුම් කර්මාන්ත ශාලාවලින් ඉදිරියට ඇවිත් නෞකා, ගුවන් යානා නිෂ්පාදනය කරන තැනට වර්ධනය වී සිටිනවා. මෙම නව තත්ත්වයන් අප හඳුනාගත යුතුයි.

ඒ නිසා මේ රට ගොඩනැඟීමට නම් වසර 6කට 12 කට හෝ 15කට රට හදන ජාතික සැලැස්මක් අනුව එක්ව ක්‍රියා කළ යුතුයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින්නේ ද ඒ නිසා බව පැවසිය යුතුයි. තම බලය ලබා ගැනීම වෙනුවෙන් මහ ජනතාවට සාම්ප්‍රදානුකූලව බොරු කීම නතර කළ යුතුයි. මේ වැටුණු රටට ගොඩයෑමට වෙනත් විකල්ප මාර්ගයක් නැහැ. එහිදී රට පළමු තැනට තබාගෙන සියලු ශ්‍රී ලාංකිකයන් එක්වීම ඉතා වැදගත් වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක තම මතය ප්‍රකාශ කරන්න ඕනෑම දේශපාලන පක්ෂයකට නිදහස තිබෙනවා. නමුත් රට නැවතත් දුක්ඛදායක තත්ත්වයකට පත් කරනවා ද? නැද්ද? තෝරා ගැනීමට ඡන්දදායකයන්ට අවස්ථාව ඉදිරි ජනාධිපතිවරණයෙන් ලැබී තිබෙනවා. ඡන්දදායකයන් ඡන්ද පොළට යා යුත්තේ වෛරයෙන් නෙමෙයි. මෙවර මැතිවරණය කාගෙන්වත් පළිගැනීමට පවත්වන මැතිවරණයක් නෙමෙයි. මෙවර මැතිවරණය රට පරාජය කිරීමට ඡන්දය භාවිත කරන අවස්ථාවක් නොවන බව ද මතක තබාගත යුතුයි.”