28.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රීලනිපයට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රීලනිපයට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් එම පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව නිකුත් කර තිබූ වාරණ නියෝග තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

මෙම නඩු අද (30) යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව අදාළ වාරණ නියෝග ඔක්තෝබර් මස 09 වැනිදා දක්වා දීර්ඝ කිරීමටද නියෝග කෙරුණා.

පෙත්සම්කාර ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක සහ මහින්ද අමරවීර කියා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් අත්තනෝමතික ආකාරයට ඉවත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

එම තීරණ බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් කොළඹ දිසා අධිකරණය හමුවේ මෙම නඩු ගොනුකර තිබෙනවා.