දුම්රිය ආසන වෙන් කිරීමේ වෙලාව සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
දුම්රිය මගීන්ගේ පහසුව උදෙසායි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව 2024 සැප්තැම්බර් මස 01 වැනිදා සිට ආසන කලින් වෙන්කරගැනීමේ ක්රියාවලිය පෙරවරු 10.00ට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ආසන කලින් වෙන්කරගැනීමේ ක්රියාවලිය මේ දක්වා සිදු වූයේ රාත්රී 07.00 ටයි.