පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
අද (31) නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මෙරට පරමාදර්ශී දේශපාලන චරිතය මහින්ද රාජපක්ෂ වුව ද, මෙවර රටේ පවතින තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහ හට සහාය ලබාදිය යුතු බවයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේ.
මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ සහය ද රනිල් වික්‍රමසිංහට ලබාදෙන බව වාර්තා වනවා.