27.4 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබන්දුලගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල් ඇද්ද අය සොයා විමර්ශන

බන්දුලගේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් මුදල් ඇද්ද අය සොයා විමර්ශන

අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරමින් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

අමාත්‍යවරයාගේ ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කරමින් නීතිවිරෝධී ලෙස භාණ්ඩ මිලදී ගෙන ඇති බවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇති අතර රුපියල් ලක්ෂ පහක උපරිම ණය සීමාවක් සහිත ශ්‍රී ලංකා බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිත කරමින් මෙම භාණ්ඩ මිලදී ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අධිකරණය නියෝග කළේය.

පැමිණිලිකරුගේ කිසිදු අනුදැනුමකින් හෝ අවසරයක් නොමැතිව ලබාගෙන විශ්වාසය කඩකර, වංචා කර, සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.