28.4 C
Colombo
Tuesday, August 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබාල වයස්කාර දැරිය ගැබිණියක් කළ ඥාති පුතා අත්අඩංගුවට

බාල වයස්කාර දැරිය ගැබිණියක් කළ ඥාති පුතා අත්අඩංගුවට

අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ දිවි ගෙවූ 13 හැවිරිදි දැරියක් ගැබිනියක් බවට පත් කළ තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මිත්තණිය ළඟ හැදී වැඩුණු 13 හැවිරිදි දැරියක් මෙලෙස සිය මාමාගේ පුත්‍රයා අතින් ගැබිනියක් බවට පත්ව ඇති බවයි.

මෙම දැරිය දෙමාපියන් නොමැතිව සිය මිත්තණිය සමීපයේ හැදී වැඩී ඇති අතර මේ වනවිට ඇය මාස එකහමාරක ගැබිනියක් බවයි වාර්තා වන්නේ.

විමර්දනවලදී අනාවරණය වී ඇත්තේ දැරිය මිත්තණිය සමඟ ජීවත් වූ නිවසේදීම ඇයගේ මාමාගේ පුත්‍රයා වූ 18 හැවිරිදි තරුණයෙක් කිහිපවරක් දැරියව අපයෝජනයට ලක් කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර අද (31) හොරණ මහෙස්ත්‍රාත්‍ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

දැරිය වෛද්‍ය පරීකෂණයක් සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.