― political ―

අරගලෙන් ඉල්ලූ වෙනස රනිල් කරලා පෙන්නුවා – සාගල

අරගලයෙන් ඉල්ලූ වෙනස රනිල් වික්‍රමසිංහ විසින් සිදු කර ඇති බවත් එතුමා රටට ආදරේ නායකයෙක් බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා. ඔහු මේ බව...
HomeHot Newsරනිල් නීතියට පිටුපා, ආර්ථික ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙනවා

රනිල් නීතියට පිටුපා, ආර්ථික ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙනවා

රටේ ප්‍රධානියා ප්‍රසිද්ධියේ උත්තරීතර නීතියට පිටුපා රට බංකොලොත් කළ ආර්ථික ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (30) පොළොන්නරුවේ පැවැති භික්ෂු උපදේශන සභාව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අප රටේ ආර්ථික සමාජීය දේශපාලන මෙන්ම ආගමික පැතිකඩත් සෝදාපාලුවකට ලක්වන බවත් රටේ ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ රටේ උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම අභියෝගයට ලක් කිරීම හා ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු 3 තිබිය යුතු සංවරණ සහ තුලන ක්‍රියාදාමය ඇතුළු මුළු මහත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහයම සමූල විනාශයකට ලක් කරන බවත් තවත් පැත්තකින් දැවැන්ත අපරාධ රැල්ලක් ක්‍රියාත්මක නිසා සමස්ත සමාජයම බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්ය.

අනාදිමත් කාලයක සිට අප රටේ සමාජය සකස් වූයේ බෞද්ධ ප්‍රතිපත්ති හා වටිනාකම් මත බවත් එය තනි පුද්ගලයාගෙන් පටන් ගෙන සමස්ත සමාජයේම උපරිම ව්‍යුහය දක්වා දිවෙන බවත් එකිනෙකාට බැඳුණු අන්‍යෝන්‍ය යුතුකම් පද්ධතියක් ඇති බවත් දෙමාපියන් දරුවන් බිරිඳ ව්‍යාපාරිකයන් සේවකයන් යහලුවක් මෙන්ම ගිහියන් සහ පැවිද්දන් අතර සමස්ත සමාජ ව්‍යුහය අන්‍යෝන්‍ය යුතුකම් වගකීම්වලින් බැදී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නමුත් අද මේ සමාජ හර පද්ධති අන්‍යෝන්‍ය යුතුකම් සමාජ වියමන් ආදිය දරුණු ලෙස අභියෝගයට ලක්ව ඇති බවත් ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් අභියෝගයට ලක්ව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා අවධාරණය කළේ අද වන විට රටේ ප්‍රධානියා වන ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේම උත්තරීතර නීතියට පිටුපා රට බංකොලොත් කළ ආර්ථික ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දෙමින් ඔවුන්ගේ පිහිටෙන් බලයට පත් වීමට උත්සාහ කරන බවත් රටේ පාලකයා අධර්මිශ්ඨ වූ විට, නීතියට ගරු නොකරන විට, සොරුන් ආරක්ෂා කරන විට, පාලකයාගෙන් ඉහළ සිට පහළට ලැබෙන්නේ නරක ආදර්ශයක් බවයි.

දූෂණය, වංචාව, සොරකම ඇතුළු අවනීතිය ආදී සියලු දුරාචාර බෝ වන්නේ ඉහළ සිට පහළට බැවින් මේ සියල්ල පිරිසුදු කරනවා නම් එය සිදු කළ හැක්කේ ඉහළ සිට පහළට බැවින් තමා විසින් ඒ යුතුකම ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

අමන පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ සියලු නායකයන් සිටින්නේ වත්මන් පාලකයාගේ සුවච කීකරු ගෝලයන් ලෙස බවත් මෙරට අභිමානවත් ජීවිතයක් ගත කළ ගොවි ජනතාව විනාශ මුඛයට ඇද දැමූ මේ දූෂිතයන් හොරුන් කාබනික පොහොර වංචාව, ආනයනය කරන ලද පොහොර වංචා හරහා මේ රටට කළ විනාශය විශාල බවත් සමාජයේ තැනුම් ඒකකය වන පවුල හා ගෘහය ඉතිහාසයේ කිසිදු දිනකට වඩා අතිශය පීඩනයකට ලක්ව දරිද්‍රතාවෙන් මිරිකී ඇති බවත් පීඩනයට අසහනයට දුක්ඛිතභාවයට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථික පරිහානියත්, අපරාධ රැල්ලත් ඉහළ ගොස් ඇති බවත් අද අපේ පුද්ගලික වටිනාකම් සියල්ල විනාශ වී ඇති බවත් ධාර්මිකව උපයා ගත් දෙයින් අඹු දරුවන් පෝෂණය කරනවා වෙනුවට සමාජ විරෝධී ක්‍රියා හරහා ධනය හා බලය ඉපයීම වර්ධනය වී ඇති බවත් මේ තත්ත්වය වර්ධනය වුවහොත් අප රටත් අපරාධ රාජ්‍යයක් කරා යා හැකි බවත් දුවෙක් සිටිනා පියෙක් ලෙස අපරාධ දේශයක පුරවැසියකු කිරීමට අපේක්ෂාවක් නොමැති බවත් සදාචාරවත් දේශයක් සෞභාග්‍යසම්පන්න දේශයක් නිර්මාණය කිරීම සිය කැමැත්ත බවත් තමාගේ දරුවාට මෙන්ම සෙසු දරුවන්ටද හොඳ දේශයක් නිර්මාණය කිරීම තමාගේ අභිලාෂය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

අද සමාජයේ සුළු කොටසක් අපරාධ කිරීමට යොමුව ඇති බවත් ආර්ථික අර්බුදය හා සමාජ පරිහානිය දඩමීමා කර ගෙන මුළු සමාජය පුරාවට ගැටුම්කාරී තත්ත්වයක් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය නිර්මාණය කර එය සමාජ න්‍යාය පත්‍රයේ ඉහළට ගේන්න උත්සාහ කරන බවත් වෛරී ප්‍රකාශ තුළින් උද්ධාමයට පත්ව පහත් ආකාරයෙන් ක්‍රියාත්මක කරන ක්‍රියාදාම සුළුතරයක් සිදු කරන බවත් බුද්ධ ධර්මය පවා ලේ වැගිරීම හිංසනය ප්‍රතික්ෂේප කර ඇති නිසා අපිත් එය ප්‍රතික්ෂේප කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

ආගමට අපහාස කරන නින්දිත ප්‍රකාශ සිදු කරන බවත් අප රට තුළ සෑම ආගමකටම ගරු කිරීම ශිෂ්ඨ සම්පන්න සමාජයේ ලක්ෂණයක් බවත් රට ගොඩනගන්න හැකි දක්ෂ කණ්ඩායම සිටින්නේ තමා සතුව බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.