31 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව, කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක්.

මොහු පසුගිය 26 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 407 දරන ගුවන් යානයෙන් ගමන් මලු කිහිපයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණා.

කෙසේනමුත් මෙම පුද්ගලයා ඊයේ (30) එම ගමන් මලු රැගෙන යාම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගැනුණා.

ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒවා තුළ සඟවා තිබූ විද්‍යුත් දුම්වැටි 245 ක් සොයා ගෙන තිබෙනවා.