― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනවාරියේ සිට ළමුන්ට වෙළඳ දැන්වීම් තහනම්

ජනවාරියේ සිට ළමුන්ට වෙළඳ දැන්වීම් තහනම්

ඇතැම් රෝග ආහාර මගින් සුව කළ හැකි බවට ගෙන යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් පවසනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ 2025 ජනවාරි 01 වැනිදා සිට ළදරුවන්, කුඩා දරුවන්, අවුරුදු 12ට අඩු ළමුන්, ග්‍රාමීය මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් සම්බන්ධ දැන්වීම් පළ කිරීම තහනම් කර ඇති බවයි.

කෙසේනමුත් එවැනි දැන්වීම් පළ කරන්නේ නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර බලධාරීන්ගෙන් ඒ සඳහා අවසර ලබාගත යුතු බවයි වෛද්‍යවරයා පවසන්නේ.

පුද්ගලයෙකු වසරකට සහල් කිලෝග්‍රෑම් 150 කට වැඩි ප්‍රමාණයක් අනුභව කරන බවත් සතියකට කිලෝග්‍රෑම් 2.8 ක් අනුභව කරන බවත් අර්තාපල් සහ ඉරිඟු වැනි ආහාර වලින් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය වැඩි කරන බවත් ඔහු එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නා.

ආහාර ගැනීම විවිධාංගීකරණය කළ යුතු බවත්, ජාතියක් ලෙස අපි වැඩිපුර බත් පරිභෝජනය කරන බවත්, මෙය වෙනුවට අපගේ ශක්තියෙන් කොටසක් මස් මාංශ සඳහා වෙන් කිරීම සුදුසු බවත් ඔහු පැවසීය.