29 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ආසන වෙන්කිරීම ගැන දැනුම්දීමක්

දුම්රිය ආසන වෙන්කිරීම ගැන දැනුම්දීමක්

දුම්රිය ආසන වෙන්කිරීමේ වේලාව අද (01) සිට සංශෝධනය කිරීමට නියමිතව තිබුණ ද එය සිදු නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

පද්ධතියේ පවතින තාක්ෂණික දෝෂ තත්ත්වයක් හේතුවෙන් එය පෙර පැවති වේලාවටම සිදුකිරීමට තීරණය කළ බවයි වාර්තා වන්නේ.

ජාලගත ක්‍රමය ඔස්සේ ආසන වෙන්කිරීමේ වෙලාව සං‍ශෝධනය කරමින් එය අද (01) සිට උදෑසන 10.00ට ආරම්භ කිරීමට තීරණය කර තිබුණා.

මීට පෙර ආසන වෙන්කිරීමේ වේලාව සෑම දිනකම රාත්‍රී 7.00ට ආරම්භ වුණා.