වේගපන්දු යවන්නන් වන මතීෂ පතිරණට සහ ඩිල්ෂාන් මදුශංකට ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලිය අහිමි වී තිබෙනවා.
ඩිල්ෂාන් මදුශංක පුහුණු සැසියක් අතරවාරයේ මස්පිඬු ආබාධයකට ලක් වූ අතර මතීෂ පතිරණ ඉන්දියාව සමඟ පැවති තුන්වන විස්සයි 20 තරගයේදී උරහිසේ ආබාධයකට ලක්වුණා.
තරග තුනකින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගය හෙට (02) කොළඹ කෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.