27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැතිවරණය පැවැත්වීමට පොලිසියෙන් බාධාවක් නැහැ

මැතිවරණය පැවැත්වීමට පොලිසියෙන් බාධාවක් නැහැ

මැතිවරණය පැවැත්වීම සඳහා පොලිසියෙන් කිසිදු බාධාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක පැවසුවේ මැතිවරණය සඳහා අවශ්‍ය සහාය පොලිසියෙන් ලබාදෙන බවයි.

ජනාධිපතිවරණය පැවැත්වීමට අදාළව අවශ්‍ය ආරක්‍ෂාවට පොලිස් නිලධාරීන් අවශ්‍ය පරිදි යොදවන ලෙස තමා මැතිවරණ කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ට ලිපියක් මගින් දැනුම් දුන් බවයි ලේකම්වරයා සඳහන් කළේ.

ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පොලිස් නිළධාරින් ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊයේ (31) එකඟතාව පළ කළා.