― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsවැටුණු රට වසර දෙකක් තුළ ගොඩ ගැනීම ආශ්චර්යයක් 

වැටුණු රට වසර දෙකක් තුළ ගොඩ ගැනීම ආශ්චර්යයක් 

දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බවත් මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වූ ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බවත් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරා පත්කර ගැනීම නිවැරදි බව ද මේ වන විට තහවුරු වී ඇති බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යාවරයා එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව ද සඳහන් කළේය.

“ආයෝජන මණ්ඩලය සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය වෙත මෙම වසරේ ලබාදී ඇති ආයෝජන ඉලක්කය ඩොලර් බිලියන එකක් වනවා. මේ වන විට ඩොලර් මිලියන 800ක ආයෝජන රටට පැමිණ තිබෙනවා. නමුත් මේ වසරේ අවසානය වන විට අප ඩොලර් බිලියන දෙකක ඉලක්කයක් සඳහා ගමන් කළ හැකි බවට අප විශ්වාස කරනවා. 2024 වර්ෂය වෙනුවෙන් ව්‍යාපෘති 35ක් සඳහා ත්‍රිකුණාමලය, පරන්තන්, මාන්කුලම් සහ කන්කසන්තුරය ඇතුළු ප්‍රදේශ රැසක ආයෝජන අවස්ථා ඇති කර තිබෙනවා. නමුත් මැතිවරණය ආරම්භ වීම නිසා ආයෝජනවල යම් අඩුවක් සිදුවිය හැකි බව අප විශ්වාස කරනවා. නමුත් එය සාමාන්‍ය තත්ත්වයක් බව කිව යුතුයි. ඒ වගේම නව ආර්ථික පරිවර්තන පනත ක්‍රියාත්මක වීමෙන් පසුව ආයෝජන ප්‍රවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ ආර්ථික කොමිසම හරහා බව සඳහන් කළ යුතුයි. එහි සාමාජිකයන් විසින් ඊට අදාළ සියලු තීන්දු තීරණ ගැනීමට නියමිතයි. ඒ වගේම ආයෝජන සඳහා අනුමැතිය ලබාදීම ඉතා කෙටි කලකින් සිදු කරන වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මකයි.

අප විසින් අලුතින් ආරම්භ කළ ජාත්‍යන්තර වෙළඳ කාර්යාලය (Office of International Trade) මඟින් නිදහස් වෙළඳ ගිවිසුම් සඳහා එළඹීමට කටයුතු යොදා තිබෙනවා. ඒ හරහා බදු රහිතව අපනයන ඉහළ නැංවීම සඳහා අවස්ථාව හිමිවන බව ද සඳහන් කළ යුතුයි. ඒ වගේම පෝට්සිටි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු මේ වන විට 80%ක් අවසන් කර තිබෙනවා. ඒ වෙත ජල විදුලිය සැපයීම මේ වන විට සිදු කරමින් පවතිනවා. මේ තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නම් ව්‍යාපාර උපායමාර්ගික වැදගත්කම (Business strategic Importance) පනත යටතේ අනුමැතිය ලබාගත යුතුයි. ඒ සඳහා අයදුම්කරුවන් විසින් තම ව්‍යාපෘති වාර්තාව පෝට්සිටි කොමිසම වෙත ලබාදිය යුතු වනවා. මේ වන විට BSI විස්සකට අධික ප්‍රමාණයක් අප විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා. තවත් BSI පනහක් පමණ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවද මේ මොහොතේ ආණ්ඩුවේ වැඩකටයුතු සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව චෝදනා එල්ල කරමින් සිටිනවා. දරුණු ආර්ථික කඩැවැටීමට ලක්වූ රට වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල ස්ථාවර තත්ත්වයකට පත් කිරීම ආශ්චර්යයක් බව සිහිපත් කළ යුතුයි. මෙවැනි ආර්ථික කඩාවැටීමට ලක්වු ලෝකයේ වෙනත් කිසිදු රටක් මෙතරම් කෙටි කලකින් ස්ථාවරත්වයක් අත්කරගෙන නොමැති බව ග්‍රීසිය සහ ලෙබනනය ඇතුළු වෙනත් රටවල් දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වනවා. මීට වසර දෙකකට පෙර වැටුණු රට ගොඩ ගැනීමට කිසිවෙකු ඉදිරිපත් වුණේ නැහැ. එහිදී අපේ යෝජනාව වුණේ දැනුම පළපුරුද්ද සහ ගෝලීය සබඳතා මත වැටුණු රට ගොඩගැනීමට හැකි එකම නායකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඒ සඳහා ඔහුට අවස්ථාව ලාබාදිය යුතු බවයි. අපි ඒ බව එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත දන්වා සිටියා. එම තෝරා පත්කර ගැනීම නිවැරදි බව මේ වන විට තහවුරු වී තිබෙනවා. එබැවින් ඉදිරි වසර පහක කාලය සඳහා ද එම නායකත්වය තෝරා පත්කර ගැනීම මේ මොහොතේ යුක්ති සහගත මෙන්ම නිවැරදි තීන්දුව වන බව සඳහන් කළ යුතුයි.”