27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොල් ගෙඩියක් හිසට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට

පොල් ගෙඩියක් හිසට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට

මාවනැල්ල ප්‍රදේශයේදී හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාවනැල්ල, මාවාන ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු තුන හමාරක රනුලි හසත්මා නැමැති දැරියක් බවයි.

දැරිය මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇත්තේ මාවනැල්ල නගරයේ පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.

අනතුරට ලක් වූ දැරිය මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසු වූ ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇය මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

පෙර පාසලේ ගේට්ටුව වැසීමට පැමිණි එහි පාලිකාව පිටුපසින් දුවගෙන ආ දරුවන් තිදෙනෙකු සමඟ නැවත පෙර පාසලට යමින් සිටිය දී මෙම දැරියගේ හිස මතට මෙම පොල් ගෙඩිය වැටී ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.