30 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentබස් - ලොරි අනතුරකින් 06ක් රෝහලට

බස් – ලොරි අනතුරකින් 06ක් රෝහලට

සුඛෝපභෝගි බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ලිදුල, පාමස්ටන් ප්‍රදේශයේදී අද (02) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි.

නුවරඑළිය සිට හැටන් දක්වා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථය ප්‍රදේශයේ පවතින අධික වර්ෂාවත් සමඟ ලිස්සා ගොස් කොළඹ සිට අඹේවේල රජයේ සත්ව ගොවිපොල දක්වා සත්ව ආහාර ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙම අනතුරෙන් බස් රථයට දැඩි ලෙස අලාභ හානි සිදු වී ඇති අතර රෝහල්ගත කළ තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ලිදුල පොලිසිය පවසන්නේ.

එම ප්‍රදේශයේ පවතින වර්ෂාවත් සමඟ මාර්ගය ලිස්සන සුළු බැවින් හැටන් – නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රිය ධාවනය කිරීමේදි සැලකිලිමත් වන ලෙසයි ලිදුල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.