27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News09 හැවිරිදි දැරිය අඹුකමට ගත් 34 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

09 හැවිරිදි දැරිය අඹුකමට ගත් 34 හැවිරිදි අයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු 09 ක දැරියක් පැහැරගෙන ගොස් ඇය සමග අඹුසැමියන් ලෙස ජීවත් වූ 34 හැවිරිදි විවාහක පුද්ගලයෙක් ගැන පුවතක්
යාපනයේ, නෙල්ලිඅඩි, තුන්නාලෙයි ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එක්වරම දැරිය නිවසින් අතුරුදහන් වීම හේතුවෙන් දැරියගේ දෙමව්පියන් ඒ පිළිබඳව නෙල්ලිඅඩි පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකරු දැරිය සමඟ සිටින ස්ථානයක් පිළිබදව පොලීසියට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව විමර්ශන ආරම්භ කළ නෙල්ලිඅඩි පොලීසිය ඊයේ (01) මෙම පුදගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු යාපනය අධිකරණයට ඉදිදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරු අගෝස්තු 07 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි.

එමෙන්ම දැරිය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කොට ඒ පිළිබඳව වාර්තාවක් අගෝස්තු මස 7 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

කෙසේනමුත් බාල වයස්කාර දැරිය පරිවාස භාරයට පත් කර තිබෙනවා.