27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsGaemi සුළි කුණාටුවෙන් චීනයේ මියගිය පිරිස ඉහළට

Gaemi සුළි කුණාටුවෙන් චීනයේ මියගිය පිරිස ඉහළට

දකුණු චීනයේ හුනාන් පළාතට බලපෑ Gaemi සුළි කුණාටුවෙන් පුද්ගලයින් 30 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීනයේ හුනාන් පළාතේ ඇති වූ අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් මෙම පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එමෙන්ම හුනාන් පළාතේ නගර අටක පුද්ගලයින් 35 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි වාර්තා වන්නේ.

සුළි කුණාටුවෙන් දැඩි ලෙස බලපෑමට ලක් වූ සික්සිං නගරයේ මාර්ග, විදුලිය සහ සන්නිවේදන කටයුතු බොහෝ දුරට යථා තත්ත්වයට පත් කර ඇති අතර අතුරුදන්වූවන් සෙවීම් සහ ගලවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.