27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරණතිව් දූපතේදී ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ඉරණතිව් දූපතේදී ගංජා තොගයක් නාවික හමුදා භාරයට

කිලිනොච්චිය, ඉරණතිව් දූපතේ ලඳු කැලෑවක් තුළ තිබී නාවික හමුදාව විසින් කේරළ ගංජා තොගයක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (04) සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි නාවික හමුදාව විසින් මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත්තේ.

එහිදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 207කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට අයත් මුහුද සහ වෙරළ කලාපය ඔස්සේ සිදුකෙරෙන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා.

බටහිර නාවික විධානය වෙතින් ලබාදුන් තොරතුරකට අනුව ඊයේ සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, ‍එම දූපතේ ලඳු කැළෑවක් තුළ සඟවා තිබූ සැක කටයුතු උර හයක් පරීක්ෂාවට ලක්කෙරිණි.

එහිදී එම උර තුල පාර්සල් අනූ නවයක (99) අසුරන ලද කේරළ ගංජා කිලෝ 207 ග්‍රෑම් 020 ක තොගයක් මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන අසූ දෙකකට අධික බවටයි ගණන් බලා ඇත්තේ.

කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලංකාවිල් පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.