― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsදැරියක් ගැබිණියක් කළ සුළු පියාට වසර 60ක සිර දඬුවම්

දැරියක් ගැබිණියක් කළ සුළු පියාට වසර 60ක සිර දඬුවම්

බාලවයස්කාර දැරියක් දූෂණය කළ අයෙක්ට මහනුවර මහාධිකරණය විසින් වසර 60ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා.

තම බිරිඳගේ පළමු විවාහයේ 11 හැවිරිදි දියණියක දූෂණය කර, ගැබිණියක් කර, දරුවෙකු ප‍්‍රසූත කිරීමට සැලැස්වීම සම්බන්ධයෙන් මොහුට වෙන් වෙන් වශයෙන් අධි චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.

එක් අධි චෝදනාවකට වසර විස්ස බැගින් මහනුවර මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් දර්ශිකා විමලසිරි මෙම නියෝගය නිකුත් කළාය.

2016 වසරේ ජනවාරි මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනයක මහනුවර මහාධිකරණ බල ප‍්‍රදේශයට අයත් වට්ටප්පොලදී විත්තිකරු විසින් බාල වයස්කාර දැරියව අවස්ථා තුනකදී බරපතළ ලෙස දූෂණය කළ ඇති බවයි වාර්තා වන්නේ.

විත්තිකරුට එක් චෝදනාවක් යටතේ රුපියල් 10,000 බැගින් දඩ නියම කළ අතර අගතියට පත් දැරියට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසට ද නියම කෙරුණා.

දඩය නොගෙවන්නේ නම් තවත් වසරක සිර දඬුවමක් සහ වන්දි ගෙවීම පැහැර හරින්නේ නම් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමටයි මහනුවර මහාධිකරණය නියෝග කළේ.

මහනුවර මහාධිකරණය විසින් මෙවැනි වරදකට විත්තිකරුවෙකුට හැට වසරක සක‍්‍රිය සිර දඬුවමක් නියම කළ පළමු අවස්ථාව මෙයයි.