― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබ්‍රිතාන්‍යයේ විරෝධතා උත්සන්න වෙයි

බ්‍රිතාන්‍යයේ විරෝධතා උත්සන්න වෙයි

බ්‍රිතාන්‍යයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් හදිසි රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය Keir Starmer තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සාකච්ඡාවට මැති ඇමතිවරුන්, පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන් සහභාගී වීමට නියමිත බවයි.

දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් වෙළඳසැල්වලට හානි කරමින් සංක්‍රමණික පදිංචිකරුවන් දිවි ගෙවන නිවාසවලට පහර දෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ වනවිට විරෝධතාකරුවන් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සන්සුන්ව සිටින ලෙසයි.

වයඹදිග එංගලන්තයේ සවුත්පෝර්ට් හි ළමා නර්තන පාසලක පිහි ඇනුමකින් ගැහැණු ළමයින් තිදෙනෙකු මිය යාමෙන් පසු එංගලන්තයේ සහ උතුරු අයර්ලන්තය පුරා නගරවල සංක්‍රමණ විරෝධී විරෝධතා පැන නැගුනා.

එක්සත් රාජධානියට පැමිණි සංක්‍රමණිකයෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වාර්තා හේතුවෙන් මෙම විරෝධතා ඇති විය.