27.8 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරනිල්ට සහය නොදක්වන ඇමතිවරු ඉල්ලා අස්විය යුතුයි - කංචන

රනිල්ට සහය නොදක්වන ඇමතිවරු ඉල්ලා අස්විය යුතුයි – කංචන

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය නොදී අමාත්‍ය ධූර දරන අය එම අමාත්‍ය ධුරවලින් ඉවත් වෙතැයි තමන් බලාපොරොත්තු වන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලබන 15 වැනිදා ආණ්ඩුවේ බොහෝ අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට සහය පළ කරන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට වසර දෙකකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කළද ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂයේ තීරණය අනුව පක්ෂ නායකයින් පක්ෂය හැර යමින් සිටින බවයි ඔහු අවධාරණය කළේ.

කෙසේ වෙතත් ඉදිරියේදී තවත් පිරිසක් ජනාධිපතිවරයාට සහය දැක්වීමට පැමිණිය හැකි බවත් පොදුජන පෙරමුණේ රැඳී සිටින්නේ පක්ෂ ලේකම්වරයා පමණක් බවත් ඔහු කියා සිටියා.