30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසජිත්ගේ සහායට හෂාන් හා අප්සාරි එක්වෙයි

සජිත්ගේ සහායට හෂාන් හා අප්සාරි එක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න හා ඔහුගේ බිරිඳ අප්සාරි තිලකරත්න සමගි ජන බලවේගය සමග එක්ව තිබෙනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන් දෙදෙනා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමටයි තීරණය කර ඇත්තේ.

ඔවුන් දෙදෙනා අද (05) පෙරවරුවේ විපක්ෂ නායකවරයා හමු වී සාකච්ඡා කර තිබෙනවා.

හෂාන් තිලකරත්න මේ වනවිට බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ වර්තමාන පුහුණුකරු ධුරය හොබවනු ලබන අතර අප්සාරි තිලකරත්න ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාරීත්වය හොබවනවා.