27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅතුරුදන් වූ දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි

අතුරුදන් වූ දුම්රිය සේවකයාගේ සිරුර හමුවෙයි

අතුරුදන් වූ දෙමටගොඩ දුම්රිය සේවකයාගේ මළ සිරුර මේ වනවිට හමු වී තිබෙනවා.

අනාරක්ෂිත ළිඳක තිබී අද (06) උදෑසන මොහුගේ මළ සිරුර සොයා ගැනුණා.

මෙම සේවකයා ඊයේ පෙරවරුවේ සිට අතුරුදන් වීමත් සමග ඊයේ රාත්‍රියේ දී දෙමටගොඩ දුම්රිය සේවකයින් වැඩ වර්ජනයක් ද ආරම්භ කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි නායකගේ සුජීව කුමාර නමැත්තෙකු බවයි පොලීසිය පැවසුවේ.

අදාළ පුද්ගලයාගේ යැයි සැලකෙන ජංගම දුරකථනයක්, මුදල් පසුම්බියක් සහ පාවහන් යුගලයක් ධාවනාගාරයේ ළිඳක් ආසන්නයේ තිබී සොයා ගැනීමෙන් පසුව පොලිස් නාවික කොට්ඨාසයේ කිමිදුම්කරුවන් පැමිණ ළිඳෙහි සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණ ද මළ සිරුර සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේවෙතත් පොලිසිය නිසි පරිදි ඔවුන්ගේ විමර්ශන කටයුතු සිදු නොකරන බවට පවසමින් ක්‍රියාත්මක කළ දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මගී ජනතාව මහත් පීඩාවට පත් වුණා.

ඒ අනුව අතුරුදන් වූ පුද්ගලයාගේ සෙරෙප්පු ඇතුළු පෞද්ගලික දෑ හමු වූ ළිඳ ආසන්නයේ පිහිටි තවත් ළිඳක තිබී මෙම මළ සිරුර අද දහවල් සොයා ගැනුණා.