― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකන්කසන්තුරේ වරාය වසර 30කට ඉන්දියාවට?

කන්කසන්තුරේ වරාය වසර 30කට ඉන්දියාවට?

කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීමට ඉන්දියාව මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 62කට අධික මූල්‍ය ප්‍රදානයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව කන්කසන්තුරේ වරායේ වැඩි කොටසක් වසර 30ක කාලයක් ඉන්දියාවේ පාලනාධිකාරිය යටතේ තැබෙනු ඇති.

මුලදී ඉන්දීය රජය උතුරු වරාය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ණයක් ලබාදීමට අදහස් කළ අතර වත්මන් ආර්ථිකයේ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට ව්‍යාපෘති ප්‍රදානය කිරීමට ඉන්දියාව මේ වනවිට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙය ඉන්දියාව සමඟ සිදු කෙරුණු ගිවිසුමක ප්‍රතිඵලයක් ලෙසයි සිදුව ඇත්තේ.