― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකෝකිලා රවීගෙන් සමාව ඉල්ලයි

කෝකිලා රවීගෙන් සමාව ඉල්ලයි

තමන්ට සිදු කළ අපහාසය වෙනුවෙන් රුපියල් බිලියන 02ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී කෝකිලා ගුණවර්ධනට එරෙහිව ගොනු කළ නඩුවක් අද (06) කොළඹ දිසා අධිකරණය හමුවේ සමථයට පත් කරුණා. 

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර මන්ත්‍රීවරිය සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට දැනුම් දුන්නේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බව තේරුම් ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර රවී කරුණානායකගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවත්ය.

ඊට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළා. 

ඒ අනුව අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසිවලට අනුකූලව කටයුතු කරන ලෙසත් පාර්ශවකරුවන්ට නියෝග කළා.