31 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කටුගෙට

තරුෂිගේ ක්‍රීඩා ඇඳුම ඔලිම්පික් කටුගෙට

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර තරුෂි කරුණාරත්නගේ තරග ඇඳුම් කට්ටලයක් ඔලිම්පික් කෞතුකාගාරය විසින් එහි ප්‍රශර්ශනය කිරීම සඳහා ඉල්ලා තිබෙනවා.

ජාත්‍යන්තර ඔලිම්පික් වැඩසටහන් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනී ඈන් ජැකාර්ඩ් මහත්මිය විසින් ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටි ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම සඳහා මෙම තරග ඇඳුම් කට්ටලයක් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ අත්සන ද සහිතව මෙම ඇඳුම් කට්ටල පිරිනමා තිබීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටු ඉතිහාසයේ ක්‍රීඩක ඇඳුම් කට්ටලයක් ජගත් ඔලිම්පික් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන්නේ පළමු වතාවටයි.