26 C
Colombo
Monday, October 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ජනප්‍රිය නළුවෙකුගේ බිරිඳ ගුවන්තොටේදී අත්අඩංගුවට

මෙරට ජනප්‍රිය නළුවෙකුගේ බිරිඳ ගුවන්තොටේදී අත්අඩංගුවට

මෙරට ජනප්‍රිය නළුවෙකු සහ රූපවාහිනී නිවේදකයෙකුගේ බිරිඳ බව කියන කාන්තාවක් මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය ඊයේ (05) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වෛද්‍යවරියක බව පවසන 37 හැවිරිදි මෙම කාන්තාව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.

මූල්‍ය වංචා පිළිබඳව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇයට ගුවන් ගමන් තහනමක් පනවා ඇති අතර ඇය ගුවන්තොටුපොළ පොලිසිය විසින් කොල්ලුපිටිය පොලිසිය වෙත ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා භාර දී තිබෙනවා.