― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsශ්‍රීලනිපයේ බහුතර සහය ජනපති රනිල්ට

ශ්‍රීලනිපයේ බහුතර සහය ජනපති රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කළ බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන ජාලය ක්‍රියාකාරීව කටයුතු ආරම්භ කර ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

ප්‍රවාහන ක්ෂේත්‍රය නිසා ලෝකයේ මෙන්ම අප රටේ ද පරිසර පද්ධතියට හානි රැසක් සිදුවනවා. වාහනවලින් පිටවන දුමාරය ඒ අතර විශේෂයි. ඊට විසඳුමක් ලෙස අප විසින් දුම් සහතික නිකුත් කිරීම සිදු කරනවා. ඒ අනුව අප රටේ වායුගෝලයේ ගුණාත්මක භාවය හොඳ තත්ත්වයකින් පවත්වාගෙන යාමට සමත්ව තිබෙනවා. එමඟින් පෙනහළු ආශ්‍රිත රෝග අවම කිරීමට මෙම වැඩ පිළිවෙල සහාය වනවා. ඒ වගේම ප්‍රවාහන අමාත්‍යාංශය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව ඉදිරි මාස හය ඇතුළත වායු විමෝචන තත්ත්වය මැන බැලීම සඳහා මධ්‍යස්ථාන සියය දක්වා වැඩි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙම දත්ත සියල්ලම එක් තැනකට ගෙන ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම පුරවැසියෙකුට සජීවිව අන්තර්ජාලය හරහා වායු විමෝචන තත්ත්වයන් බැලීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

එමෙන්ම වාහන වායු විමෝචන සහතිකය ලබාගැනීමෙන් පසු එම ස්ථානයෙන්ම රක්ෂණය සහ වාහන බලපත්‍රය ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කර තිබෙනවා. ඉදිරි මාස දෙක ඇතුළත එම වැඩපිළිවෙල දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම රිය අනතුරු අවම කරගැනීම වෙනුවෙන් අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය සඳහා අවශ්‍ය කරන දත්ත පද්ධතිය සහ පොලිසියට ලබාදිය යුතු යන්ත්‍ර පිළිබඳව අවශ්‍ය කරන ටෙන්ඩර් කැදවීම අවසන් අදියරේ පවතිනවා. ඉදිරි මාසයක් ඇතුළත සුදුස්සෙකු තෝරා ගෙන එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සඳහන් කළ යුතුයි.

තවද මාර්ගයන්හි දී රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ලකුණු කැපීමට පෙර, සැප්තැම්බර් පළමු වනදා සිට මාස දෙකක කාලයක් පූර්ව දැනුවත් කිරිමේ වට්ස්අප් පණිවිඩයක් නිකුත් කරනවා. එම මාස දෙක අවසන් වීමෙන් පසු අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට නිල වශයෙන් තීරණය කර තිබෙනවා. එම තීරණය ගනු ලැබුවේ අප පක්ෂයේ සභාපති අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පක්ෂයේ නිළධාරීන් පමණක් නොවෙයි. මේ වන විට අප පක්ෂය නියෝජනය කර පොදුජන පෙරමුණ යටතේ නාම යෝජනා ලබාදී පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් 14 දෙනා ගෙන් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු මෙම තීරණයට එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ වගේම අප මෙම තීරණය ගනු ලැබුවේ සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් බව පැවසිය යුතුයි. එබැවින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමෙ වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතු ශක්තිමත් සංවිධාන ජාලය ක්‍රියාකාරීව කටයුතු ආරම්භ කර තිබෙනවා.”