27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසවුත්බාර් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

සවුත්බාර් ප්‍රදේශයෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

ඊයේ (05) සිදු කළ මෙම සෝදිසි මෙහෙයුමේදී ජෙලට්නයිට් නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු හැටක් 60ක්, විදුලි නොවන ඩෙට‍නේටර් තිහක් 30ක්, C4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය 350ග් ක් සමඟ එම පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීතිවිරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටිමින් සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඒ අනුව උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය ඊයේ මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේදී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.