27.2 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දු - ශ්‍රී ලංකා අවසන් තීරණාත්මක තරගය අද

ඉන්දු – ශ්‍රී ලංකා අවසන් තීරණාත්මක තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වැනි සහ අවසන් එක්දින තරගය අද (07) පස්වරුවේ පැවැත්වෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පස්වරු 2.30ට තරගය පැවැත්වෙනු ඇති.

පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත්, දෙවැනි තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව පරදා ලකුණු 32කින් ජය ගැනීම හේතුවෙන් මෙම තරගය ජය ගැනීම දෙපිළටම තීරණාත්මකයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් මෙහෙයවනු ලබන අතර රෝහිත් ෂර්මා ඉන්දීය කණ්ඩායම මෙහෙයවනු ලබනවා.

ඉන්දීය කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන විරාට් කෝලි මෙරට දී ක්‍රීඩා කරන සිය අවසන් ජාත්‍යන්තර එක්දින තරගය ලෙස අද තරගය ඉතිහාසගත වනු ඇති.