28.9 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකලපුවේ ගිල්වා තිබූ රත්‍රං තොගයක් නාවික හමුදා භාරයට

කලපුවේ ගිල්වා තිබූ රත්‍රං තොගයක් නාවික හමුදා භාරයට

කල්පිටිය, තොරයඩි කලපුවේ ගිල්වා තිබූ බවට සැකකෙරෙන රත්‍රං තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ඊයේ (06) කල්පිටිය, තොරයඩි කලපුවේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක් අඩංගු ඇසුරුමක් හමු වී තිබෙනවා.

එම රත්‍රං අඩංගු ඇසුරුම ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ඩිංගි යාත්‍රාවක්ද තොරයඩි වෙරළ ප්‍රදේශයේ තිබියදී අත් අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පවසන්නේ.

නාවික හමුදා මෙහෙයුම් හමුවේ රැගෙන යාමට නොහැකිව, ජාවාරම්කරුවන් විසින් මෙම රත්‍රං අඩංගු ඇසුරුම පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස තොරයඩි කලපුවේ ගිල්වා තබන්නට ඇතැයි විශ්වාස කෙරේ.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් රත්‍රං කිලෝ 04 ග්‍රෑම් 740 ක තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාර දී තිබෙනවා.