26.7 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsක්ලබ් වසන්ත ඝාතනයට තවත් අයෙක් අල්ලයි

ක්ලබ් වසන්ත ඝාතනයට තවත් අයෙක් අල්ලයි

ක්ලබ් වසන්තගේ ඝාතනයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (06) පස්වරුවේ මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි වියේ පසු වූ දර්ගා නගරයේ පදිංචිකරුවෙක්.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු අපරාධයට පෙර වෙඩික්කරුවන් ඇතුළු පිරිසට කුලී නිවසක් ලබා ගැනීම හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට වෙඩික්කරුවන් දෙදෙනා හා ආයුධ අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන යාමට කුලී වෑන් රථයක් සම්බන්ධ කර දී ඇති බවයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ වෙඩික්කරුවන්ට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පලා යාමට භාවිත කළ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ දින පොලිස් භාරයට ගැනුණු බවයි.

මේ වනවිට අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.