29.5 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot News'ගොත අසංකගේ' ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

‘ගොත අසංකගේ’ ප්‍රධාන ගෝලයා අත්අඩංගුවට

විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ගොත අසංකගේ’ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (06) සපුගස්කන්ද පොලිස් වසමේ, සියඹලාපේ ප්‍රදේශයේදී වැටලීමක් සිදු කර ඇත.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 44යි මිලි ග්‍රෑම් 400 ක්, විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 105 ක්, ජාවාරමෙන් උපයා ගත් මුදලින් රුපියල් 100,000 ක් සහ ජංගම දුරකථන 01 ක් මෙන්ම විද්‍යුත් තරාදියක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දහම් මාවත, හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සපුගස්කන්ද පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා දැනට විදේශිය රටක් වෙත පලාගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගොත අසංකගේ මෙහෙයවීම යටතේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලැබූ ප්‍රධාන ගෝලයා බවයි.