― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතුයි

ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතුයි

ජන අරගලයකින් පසුව රට බංකොලොත්භාවයට පත්වීමත් සමඟ විවිධ අවස්ථාවල දී සිදුවන දේශපාලන විවාහයන් පිළිබඳව බොහෝ දෙනෙකු තුළ දැඩි අවිශ්වාසයක් ඇති වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අද (07) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමගි ජන බලවේගය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අවබෝධතා ගිවිසුමකට ප්‍රවේශ වුයේ දේශපාලන බලය ලබා ගැනීම මත කේන්ද්‍ර ගත වූ අවස්ථාවාදී දේශපාලන ගමනක් ආරම්භ කිරීමට නොවන බවත් සජිත් ප්‍රේමදාස එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සමගි ජනබලවේගයට සහ සමගි ජන සන්ධානයට එකතු වීමට පැහැදිලි න්‍යායාත්මක පදනමක් තිබෙන බවත් සමගි ජන බලවේගය ලුම්පන් ධනවාදය අනුගමනය කරන, ගජමිතුරු ධනවාදය අනුගමනය කරන, ධනවාදය තුළ නිර්මාණය වී තිබෙන අසීමිත කෑදරභාවය කේන්ද්‍ර කොටගත් න්‍යායන් මත පදනම් වූ පක්ෂයක් නොවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම අන්ත සමාජවාදය හරහා රටක් ගොඩනැගීමට නොහැකි බවත් අන්ත ධනවාදයත් අන්ත සමාජවාදයත් ප්‍රතික්ෂේප කර පොදුජනතාවාදයෙන් සෑබැ ජනතා කේන්ද්‍රීය සත් ජාතිකත්වයක් තුළ නිර්ව්‍යාජ දේශප්‍රේමීයත්වයක් තුළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ගමනක
ගමන් කරන පක්ෂයක් ලෙස සමගි ජනබලවේගයට ශ්‍රී නිදහස් පක්ෂය සමඟ ප්‍රතිපත්තිමය වශයෙන් එකතුවීමට ශක්තිමත් න්‍යායාත්මක පදනමක් තිබෙන බවත් සමගි ජනබලවේගයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වීම ජනතාවාදී එකමුතුවීමක් ලෙස හදුන්වා දීමට හැකි බවත් කියා සිටියේය.

එමෙන්ම සමගි ජනසන්ධානයේ ගමන තුළ පොදුජන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට මුලපුරන බවත් සියලු දෙනා ඇතුළත් කරගත් සෞභාග්‍යයක් සහ ආර්ථික වර්ධනයක් ඇති කළ යුතු බව පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමාජ සාධාරණත්වය සහ සමානාත්මතාවය යන ප්‍රතිපත්ති තුළින් රට ගොඩගැනීමේ ක්‍රියාවලිය සඳහා මුලපුරන බවයි.

තවද වරදාන වරප්‍රසාද, තනතුරු බෙදාහදා ගැනීමේ ජරාජීර්ණ වූ දේශපාලන සංස්කෘතියට තිත තැබිය යුතු බවත් සමගි ජන සන්ධානය ගොඩනගන අලුත් රජයක් තුළින් පවුල්වාදය පසෙක තබා ඥාති සංග්‍රහය පසෙක තබා, ගජ මිතුරන් පෝෂණය කිරීම පසෙක තබා සුවහසක් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කිරීමට මුලපුරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.